(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් අතිරේක බස් රථ 250 ක් පමණ යොදවා ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ටී.එච්.ආර්.ටී චන්ද්‍රසිරි මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
සියලු ප්‍රධාන නගර ආවරණය වන පරිදි එලෙස අතිරේක බස් රථ යොදවා ඇති බව එ මහතා පැවසීය.








