FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක දාහතකට දැඩි වියළි කාළගුණ තත්ත්වයක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ දිස්ත්‍රික්ක 17 කට අයත් ප්‍රදේශ රැසකට බලපා ඇති වියළි කාලගුණය නිසා පවුල් එක්ලක්ෂ විසිහයදහස් පන්සිය විස්සක් පීඩාවට පත්ව තිබේ.

ඉන් වැඩිම බලපෑම මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එහි පුද්ගලයන් 77,633 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙම ජනතාව පානීය ජල ගැටලුවට සහ යාපනය දිස්ත්‍රික්කයේ හා මඩකලපුව දිස්ත්‍රික්කයේ වගා කටයුතු සිදු කිරීමට අවශ්‍ය ජලය නොමැති වීම නිසාත් ජනතාව පීඩාවට පත්ව සිටිති.

වියළි කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන ලබාදීමට කටයුතු කරන බවත්, පානීය ජල ගැටලු පවතිනවා නම් 117 දුරකථන අංකය ඔස්සේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම්දෙන ලෙසත් ඔවුන් නිවේදනය කරයි.