FAST NEWS

24×7 Around the Globe

සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වසරේ මාර්තු මාසයේ සිට ජූනි දක්වා කාල සීමාව තුළ දෛනිකව මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව 66% කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි.

එම කාර්යාංශයේ සභාපති කිෂූ ගෝමස් මහතා කියා සිටියේ පසුගිය ජූනි මාසයේ සංචාරකයින් 2,200 ක් පමණ මෙරටට පැමිණ ඇති බවයි.

අප්‍රේල් 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව රටවල් කීපයක් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැනවූ තහනම මේ වනතෙක් ඉවත් කරගෙන නොමැත.

කෙසේවෙතත් ඉන්දියාව , කැනඩාව හා ඕස්ට්‍රේලියාව වැනි රටවල් එම තහනම ඉවත් කරගැනීමට කටයුතු කළේය.