(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍යවල ඊයේ (03) පස්වරුවේ ඇතිවූ අවහිරතාව මේ වන විට යළිත් යථා තත්ත්වයට පත්ව තිබේ.
මෙම සමාජ වෙඩ් අඩවි වෙත ළඟාවීමට නොහැකි වීමෙන් ලොව පුරා ගිණුම්හිමියන් රැසක් ඊයේ දැඩි දුෂ්කරතාවයට පත් විය.
පැය 12 ක පමණ කාලයක් මෙම බිඳවැටීම පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සිය නඩත්තු කටයුත්තකදී උද්ගත වූ ගැටලුවක් හේතුවෙන් මෙලෙස මෙම වෙබ් අඩවි බිඳ වැටුණු බව ෆේස්බුක් සමාගම ප්‍රකාශ කළේය.
එම සමාජ ජාල වෙබ් අඩවිවල සිදුකළ ප්‍රතිසංස්කරණ කටයුත්තක් අතරතුර මෙම බිඳවැටීම සිදුව තිබූ බව වාර්තා වෙයි.
ඒ හේතුවෙන් පරිශීලකයන්ට මෙම සමාජ ජාල ඔස්සේ ඡායාරූප, වීඩියෝපට සහ පණිවුඩ හුවමාරු කිරීමට හැකියාව ලැබුනේ නැත.








