(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලොව පුරා රටවල් රැසකට ෆේස් බුක්, වට්ස් ඇප් සහ ඉන්ස්ටග්‍රැම් බිඳ වැටීමකට ලක්ව තිබේ.
යුරෝපයේ සහ බ්‍රිතාන්‍යය තුල පරිශීලකයන් රැසක් මෙම බිඳවැටීමට මුහුණපා ඇති අතර , මෙම බිඳ වැටීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැත.
වට්ස් ඇප් තුළ වොයිස් පණිවිඩ සහ පින්තූර භාගත කිරීම් ද ඇණහිට තිබුණි.
ෆේස් බුක් සමාගම ද මේ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශයක් සිදුකර නොමැති බව ද වාර්තා වෙයි.








