FAST NEWS

24×7 Around the Globe

වැලිකඩ සහ අලි රොෂාන්ගේ නඩුවට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුලු 02 ක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැලිකඩ බන්ධනාගාරයේ සිද්ධිය සහ අලි රොෂාන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල දෙකක් අගනිවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් අද (03) පත් කරන ලදී.
ඒ නීතිපතිවරයාගේ ඉල්ලීම මතයි.

මේ අනුව වැලිකඩ බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන විනිසුරුවරුන්, ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වෙනුවෙන් පත් කර ඇති අතර,  වන අලි ජාවාරම් සම්බන්ධයෙන් අලි රොෂාන්ට අදාළ නඩුව සඳහා විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ මද්දුම පටබැඳිගේ යන විනිසුරුවරුන් පත්කර ඇති බවයි නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.