FAST NEWS

24×7 Around the Globe

මීගමුව ඇතුළු ප්‍රදේශ කීපයකට අද මධ්‍යම රාත්‍රිය තෙක් ජල කප්පාදුවක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බම්බුකුලිය ජල පවිත්‍රාගාරයේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් මීගමුව ඇතුළු ප්‍රදේශ රැසකට අද (03) රාත්‍රී 12.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව ජල සැපයුම අත්හිටුවා ඇත්තේ මීගමුව මහ නගර සභා බල ප්‍රදේශය, කොච්චිකඩේ, දූව, පිටිපන, බාසියාවත්ත, දුන්ගල්පිටිය, පමුණුගම, කටාන, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක ගුවන්තොටුපොළ සහ කටුනායක ගුවන් හමුදා කඳවුර ප්‍රදේශවලටයි.