(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වකුගඩු රෝගීන් සදහා රුධිර කාන්දු පෙරණ ක්‍රියාවලිය නිවසේදීම සිදුකර ගැනීමට පහසුකම් සැලසීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය සූදානමින් සිටින අතර , මේ වසරේ අයවැය මගින් අදාළ ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 500 ක් වෙන් කර තිබේ.
ඒ අනුව එක් රෝගියෙකු සදහා මසකට රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් වැය කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා ලුසෙන්සියා හෙල්ත් කෙයාර් පුද්ගලික සමාගම සමග වසර 08 ක කාලයක් වෙනුවෙන් ගිවිසුමකට එළඹීමට සෞඛ්‍ය අමාත්‍යංශය අපේක්ෂා කරයි.
ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරිපත් කළ යෝජනාවට ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.








