(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා අද (03) දිනය තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු ලබන 09 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය අද (03) නියෝග කළේය.
අසනීප තත්වයන් මත හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතා කොළඹ ජාතික රෝහලේ සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නාරාහේන්පිට පොලිස් රෝහලේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මත මේ වන විට ප්රතිකාර ලබමීන් සිටිති.








