FAST NEWS

24×7 Around the Globe

ජූලි මාසයට පොහොර මිලදී ගැනීමට රුපියල් බිලියන 2.84ක්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ)  – සීමාසහිත ලංකා පොහොර සමාගමේ හා සීමා සහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ ජූලි මාසය සඳහා වන පොහොර මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් බිලියන 2.84ක් වෙන් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව යූරියා මෙට්‍රික් ටොන් 30,000ක් මෙට්‍රික් ටොන් 1ක් ඩොලර් 318.25 බැගින් ඇග්‍රිකොමෝඩිටීස් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමෙන් (රුපියල් මිලියන 1770), මියුරියේට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටොන් 3000ක් මෙට්‍රික් ටොන් 1ක් ඩොලර් 342.2 බැගින් සීමා සහිත අග්‍රිකල්චරල් රිසේදද් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගමෙන් (රුපියල් මිලියන 182) හා ට්‍රිපල් සුපර් පොස්පේට් මෙට්‍රික් ටොන් 15500ත් මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 324 බැගින් සීමාසහිත ගෝලඩන් බාලි ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමෙන් (රුපියල් මිලියන 894) යනාදි ලෙස මිලදි ගැනීමට නියමිතය.