FAST NEWS

24×7 Around the Globe

බස්නාහිරට නව රථ වාහන කොට්ඨාශයක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පවතින දැඩි රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණෙන් බස්නාහිර පළාත් දකුණ රථ වාහන කොට්ඨාශය නමින් නව කොට්ඨාශයක් පිහිටුවීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

රථ වාහන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පාලනය යටතේ මෙම කොට්ඨාශය පිහිටුවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.