(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වර්තමානය වන විට මෙරට ජනගහනයෙන් 10 % ක් පමණ කිසියම් වූ මානසික රෝගයකින් පෙලෙන බවත් , ඔවුන් අතරින් 40% ක් ප්‍රතිකාර ගන්නා බවත් හඳුනාගෙන ඇත.
ඒ අනුව, මානසික සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 503 ක පිරිවැයක් යටතේ මහනුවර ශික්ෂණ රෝහලේ නව මානසික ප්‍රතිකාර ඒකක සංකීර්ණය සඳහා සහ රුපියල් මිලියන 213.8 ක පිරිවැයක් යටතේ හලාවත දිස්ත්‍රික් මහ රෝහල සඳහා මානසික ප්‍රතිකාර ඒකකය යටතේ හලාවත දිස්ත්‍රික් මහ රෝහල සඳහා මානසික ප්‍රතිකාර ඒකකය ඉදිරි කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මානසික රෝග පිළිපඳ ගැටළු අනාගතයේ දී වැඩිවන බවට උපකල්පනය කරනු ලැබ ඇති අතර, මෙම කරුණු සැලකිල්ලට ගෙන නිරෝගී ජනතාවක් බිහි කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කල යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබේ.








