FAST NEWS

24×7 Around the Globe

මාතර – හම්බන්තොට අධිවේගී මාර්ගයේ ඉදි කිරිම් කටයුතු නැවතෙයි !!!

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මාතර – හම්බන්තොට අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් කටයුතු වලින් ,එම කටයුතු සිදු කරන චීනයේ කැතික් සමාගම ඊයේ (02) දිනයේදි ඉවත්ව තිබේ.

මාස 10 ක කාලයක් ශ්‍රී ලංකා රජය චීනයේ කැතික් සමාගමට මුදල් නොගෙවීම හේතුවෙන් එම මාර්ගයේ මාතර – බෙලිඅත්ත කොටසේ ඉදි කිරිමේ කටයුතුවලින් මෙසේ ඉවත් වීමට තීරණය කළ බව කැතික් සමාගම පවසයි.

ඒ අනුව පසුගිය මාස දහය තුළ පමණක් ඩොලර් මිලියන 80 ක මුදලක් ශ්‍රී ලංකා රජය ප්‍රධාන කොන්ත්‍රාත් සමාගමට ගෙවා නොමැති බවද පැවසේ.

මේ නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර බෙලිඅත්ත කොටසේ සියලු ඉදිකිරීම් වැඩ නතර වී ඇත.

වැඩ කිරීමට පැමිණි 1500 කට අධික සේවකයින් ද ආපසු හැරී ගොස් ඇති බවක් කියැවේ.

ඉකුත් 2015 වසරේ දී මෙම මාර්ගයේ වැඩ ආරම්භ කළ අතර එහි කොන්ත්‍රාත් කාලය ලබන නොවැම්බර් මස 29 වැනිදායින් අවසන් වීමට නියමිතව බව එම සමාගම කියයි.

කෙසේ වෙතත් උද්ගතව ඇති තත්වය පිළිබඳව කැතික් සමාගම හා රජයේ බලධාරීන් අතර සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බව පැවසේ.

ඒ අනුව ලබන 09 වැනිදා පාර්ලිමේන්තුව රැස් වී ඇති වී තිබෙන තත්වය ගැන සාකච්ඡා කර විසඳුමක් ලබා දෙන තෙක් දින කිහිපයක් තාවකාලිකව ඉදි කිරීම් වැඩ කිරීමට එකඟ වු බවද කැතික් සමාගම කියයි.