FAST NEWS

24×7 Around the Globe

මෙරට ප්‍රථම පුරාණ තාක්ෂණ කෞතුකාගාරය ජනපති අතින් විවෘත වේ

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුපියල් මිලියන 900 වියදමින් ඉදි වූ මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද (03) පොළොන්නරුවේ දී ජනතා අයිතියට පත් කෙරුණි.

නූනත යුගයට ගැළපෙන නවීන තාක්ෂණය යොදාගෙන මිනිස් සංහතිය සතු වූ ඉපැරණි තාක්ෂණය වර්තමානයේ වෙසෙන ජනතාවට අවබෝධකර දීමක් ලෙස මෙම කෞතුගාකාරය හැදින්විය හැකි අතර මෙය මෑතකාලීනව සිදු කෙරුණු විශාලතම ව්‍යාපෘතියකි.

කෞතුකාගාරයට සහ පුස්තකාලයට ඇතුළුවීමේ පළමු නිළ ප්‍රවේශ පත්‍රය මෙහිදී මිලදී ගනු ලැබුවේ ජනාධිපතිවරයා විසිනි.

මෙය ප‍්‍රධාන මහල් 03කින් සමන්විත අතර බිම් මහලෙන් නරඹන්නන්ට පොළොන්නරු යුගය පිළිබද කෙටි හැඳින්වීමක් ලබා දෙමින් එම යුගයට අයත් කෞතුක භාණ්ඩ ප‍්‍රදර්ශනය කර තිබේ.

පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේ සියලු කටයුතු කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සිදුවන අතර මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 900 ක්.

ස්වයං අධ්‍යයනය භාෂා තුනෙන්ම මෙය ක්‍රියාත්මක වන අතර මෙම කෞතුකාගාරය විදේශිකයන්ට ද පහසුවෙන් පරිහරණය කිරීමට හැකියාව පවතී.