දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධීකරණ කමිටුව වහාම කැඳවන ලෙස එම සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාට ඉල්ලීමක් කර ඇති බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා පැවැසීය.
ශ්‍රීලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරික්ෂණයන් පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ විවිධ මත දැරීම සම්බන්ධයෙන් තිරණයක් ගැනීම මෙහි අරමුණ බවද මන්ත්‍රීවරයා පැවැසීය.
ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ තුනක් වූ ඊ.පී.ආර.එල්.එෆ්. ප්ලොට් සහ ටෙලෝ යන පක්ෂ විසින් ඉල්ලීම ලිඛිතව ආර්. සම්බන්ධන් මහතාගෙන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ සිදු වී ඇති බව කියන යුධ අපාරධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා බල කිරීමට දෙමළ ජාතික සන්ධානය ඒකමතික තීරණයකට පැමිණීම සඳහා සම්බන්ධීකරණ කමිටුව කැඳවන ලිපියෙහි සඳහන් වෙයි.
මෙයට ආසන්නතම සිදුවීම වී ඇත්තේ පසුගියදා දෙමළ ජාතක සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා විසින් වව්නියාවේදී කියා සිටියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරික්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව නොමැති බවත් එවැනි ජත්‍යන්තර පරික්ෂණයක් පැවැත්වීමට ඉල්ලීම් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවටත්ය.
නමුත්උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජලංගම් මහතා සඳහන් කළේ දෙමළ ජාතික සන්ධානයේ මතය එය නොවන බවත් මේ සඳහා පක්ෂ තුනක්ම අප්‍රසාදය පළ කොට ඇති බවයි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.