FAST NEWS

24×7 Around the Globe

මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇත.

ඒ අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරයකු විසින් පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත් කරනු ඇතැයි ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග කියයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් බහුතරයක් ද මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට විරුද්ධ බැවින් මෙසේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර සම්මත කර ගන්නා බව පැවසේ.