(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (02) දින අත්අඩංගුවට ගෙන අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය පිළිබඳව අද යළි අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.
සැකකරුවන් මේ වන විටත් බන්ධනාගාර නිලධාරීන් භාරයේ ජාතික රෝහලේ සහ පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
ඊයේ පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ජාතික රෝහලට සහ නාරාහේන්පිට පොලිස් රෝහලට පැමිණ හේමසිරි ප්‍රනාන්දු මහතා සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන් නිරීක්ෂණය කර අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා ය.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.








