(ෆාස්ට් නිව්ස් | කොළඹ) –
වැටුප් විෂමතා සම්බන්ධ ගැටලුව විසදෙන තුරු සෑම සතියකම දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කරන බවට දුම්රිය වෘත්තිය සමිති දැරූ ස්ථාවරය වෙනස් කර ඇති අතර , නීති උපදෙස් අනුව වර්ජන ක්‍රියාමාර්ගයෙන් ඉවත්වීමට තීරණය කළ බව දුම්රිය වෘත්තිය සමිති ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් සේවක අයිතීන් මර්දනය කර දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් කිරීමට එරෙහිව ඉදිරියේදී යම් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවන බව ඔවුන් කියා සිටී.
මේ අතර දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයන්ගේ විශේෂ සාකච්ඡාවක් අද (03) පෙරවරු 10.00 ට පැවැත්වීමට නියමිතය.








