FAST NEWS

24×7 Around the Globe

මරණ දඬුවමට එරෙහි පෙත්සම් අභියාචනාධිකරණයේ යළි සළකා බැලීම හෙටට කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපතිවරයා මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තිරණය වළක්වන ලෙස ඉල්ලා ගොනුකොට ඇති  රිට් ආඥා පෙත්සම හෙට (03) උදෑසන 9.30 ට යළි සළකා බැලීමට නියමිතයි.

ඒ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේය.

මේ සඳහා අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කොදාගොඩ මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පත්කර ඇති මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් වන්නේ දීපාලි විජේසුන්දර, ජනක් ද සිල්වා, අචල වෙන්ගප්පුලි හා අර්ජුණ ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරුවරුන්ය.

මරණ දඬුවමට නියම වී ඇති සිරකරුවන් එල්ලා මැරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම රිට් ආඥා පෙත්සම අභියාචනාධිකරණයට ගොනු කරනු ලැබුවේ මාධ්‍යවේදී මාලින්ද සෙනවිරත්න මහතා විසිනි.