(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නාරාහේන්පිට පොලිස් රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හෙට (03) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කර තිබේ.
එමෙන්ම අද (02) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාද හෙට (03) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටද නියෝග කර තිබේ.








