(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් නාරාහේන්පිට පොලිස් රෝහලට ගොස් එහි ප්‍රතිකාර ලබමින් සිටි පූජිත් ජයසුන්දර මහතාව අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ.








