FAST NEWS

24×7 Around the Globe

වර්ජනය පිළිබඳ තීරණයක් ගැනිමට දුම්රිය වෘත්තීය සමිති රැස් වෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  සිය වැඩවර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කිරීම පිළිබද දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයින් අතර අද (02) පස්වරු 02 ට සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගම ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා මාධ්‍ය වෙත පැවසයී.

සිය වැටුප් ගැටළුවට බලධාරීන්ගෙන් මේ දක්වාත් නිසි විසදුමක් ලැබී නොමැති බව හෙතෙම පෙන්වා දෙයි.

ඒ අනුව අද (02) පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ගන්නා තීරණය සම්බන්ධයෙන් දැනුම්වත් කරන බවද ඔහු පැවසීය.

සිය ගැටලුවලට විසදුම් ලැබෙන තෙක් සෑම බ්‍රහස්පතින්දා දිනකට මධ්‍යම රාත්‍රී සිට පැය 24 ක සංඛේත වැඩ වර්ජනයක නිරත විමම දුම්රිය රියැදුරු නියාමක ඇතුළු දුම්රිය වෘත්තිය සමීති කිහිපයක් තීරණය කර සිටියි.