(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (02) පෙරවරුවේ නාවලපිටිය හපුගස්තලාව ප්‍රධාන මාර්ගයේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන ත්‍රීරෝද රථයක් අනතුරට පත් වීමෙන් එහි ගමන් ගත් පාසල් ළමුන් 08 දෙනෙකු සහ රියදුරා බරපතළ ලෙස තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
අනතුරෙන් හපුගස්තලාව මුස්ලිම් පාසලේ 01 වසරේ සිට 03 වසර දක්වා අධ්‍යාපනය ලබන සිසුන් පස් දෙනෙකු සහ සිසුවියන් තිදෙනෙකු සිටින බවත්, ඔවුන් අවුරුදු 07 ත් 08 ත් වයස්වල පසුවන අය බව පොලිසිය පැවසුවේය.
ත්‍රීරෝද රථය වේගය පාලනය කර ගත නොහැකිව ප්‍රධාන මාර්ගය අභියස තිබූ කාණුවක් මතට පෙරළීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පරීක්ෂන පවත්වන නාවලපිටිය පොලිසිය සඳහන් කළේය.
තුවාල ලැබූ සිසුවෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.
රියදුරාගේ අපරික්ෂාකාර රිය ධාවනය සහ අධික වේගය, පමණට වඩා ත්‍රිරෝද රථයේ සිසු සිසුවියන් ප්‍රවාහනය කිරීම අනතුරට හේතුව වී ඇත.








