විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දෙදින පෞද්ගලික සංචාරයක් සඳහා ඊයේ (01) මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ.
මෙම සංචාරයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මාලදිවයිනේ ජනාධිපති සහ එරට පාර්ලිමේන්තුවේ කථානායකවරයා මුණගැසීමට නියමිත බවද විපක්ෂ නායක කාර්යාලය පවසයි.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා 03 වැනිදා යළි මෙරටට පැමිණීමට නියමිත බවත් පැවසේ.








