(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (01) රාත්‍රියේ යාපනය සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී දුම්රියක ගැටී 14 හැවිරිදි රාජෙශ්වරන් ලදූෂන් නැමැති දරුවෙක් අනතුර සිදුවු ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇත.
කිලිනොච්චිය හා පරන්තන් දුම්රිය ස්ථාන අතරමැද ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති අතර මළ සිරුර කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවද පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.








