(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සේවාවල සහ ශ්‍රී ලංකන් කේටරින් සේවයේ සිදුව ඇති බව පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව, අද (02) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව බව එම කොමිසමේ ආරංචි මාර්ග කියයි.
අදාළ ආයතනවල අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි පිළිබඳව පසුගිය වසරේ සිට කොමිසම මඟින් විමර්ශන සිදු කෙරුණි.
අවස්ථා කිහිපයකදි එහි නිල කාලය දීර්ඝ කෙරුණු අතර විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ සභාපතීත්වයෙන් කොමිසම ක්‍රියාත්මක විය.








