FAST NEWS

24×7 Around the Globe

විදුලි බල මණ්ඩලයට යලි තෙල් ලබාදෙන්න වෘත්තිය සමිතිවල එකගත්වය

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලංකා විදුලිබල මණ්ඩලයට සහ පෞද්ගලික බලාගාරවලට ඉන්ධන සැපයීම නතර කිරීමට ගනු ලැබූ තීරණය තාවකාලිකව අත්හිටුවීමට ඛනිජ තෙල් වෘත්තීය සමිති තීරණය කර තිබේ.

ඒ ඛනිජ තෙල් වෘත්තීය සමිති සහ විෂයභාර අමාත්‍ය කබීර් හෂීම් අතර පැවති සාකච්ජාවෙන් අනතුරුව පැමිණි එකඟතාවයන්ට අනුවයි.

ඒ අනුව වෘත්තිය ක්‍රියාමාර්ගය ලබන සිකුරාදා මධ්‍යම රාත්‍රිය වනතෙක් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි ඛණිජතෙල් සංස්ථාවේ විධායක නිළධාරීන්ගේ සංගමයේ භාණ්ඩාගාරික මනූ ජයවර්ධන මහතා කියා සිටියේ.

ඛනිජතෙල් සේවකයන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ කොළඹ වරායේ සිට කොළොන්නාව ගබඩා පර්යන්තයට ඉන්ධන ප්‍රවාහනය සදහා අලුතින් නල එළිමේ ව්‍යාපෘතියට මෝදර මහවත්ත ප්‍රදේශ ආශ්‍රිත ජනතාවගෙන් එල්ලවී ඇති බාධාවලට විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතා වගකිවයුතු බවට චෝදනා කරමිනුයි.