(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බියගම – හෙයියන්තුඩුව – බටලන්දවත්ත ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 31 යි ග්‍රෑම් 880 ක් සමඟ 47 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
බියගම පොලීසියේ නිලධාරීන් සහ කොට්ඨාශ බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් ලද තොරතුරක් මත ඊයේ (30) නිවසක් පරීක්ෂා කළ අවස්ථාවේදි මේවා සොයාගෙන ඇති බව සඳහන්.








