FAST NEWS

24×7 Around the Globe

මරණ දඬුවමට මම විරුද්ධයි – අගමැති කියයි

(ෆාස්ට් නිව්ස්|මොණරාගල) –  පර පණ නැසීම එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තීන්ට විරුද්ධ බවත් ඒ නිසා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට සහය  දැක්වීමට තමන්ට හැකියාවක් නොමැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (30) වන දින මොණරාගල දිස්ත්‍රික්කයේ මාරිඅරාව ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමෙන් අනතුරුව මාරිඅරාව සතිපොළ භූමියේ පැවැති ජනහමුව අමතමිනි.

පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණයට උරදුන් විශාලතම පක්ෂය හා ආණ්ඩුවේ ප්‍රධානතම පක්‍ෂය වන එක්සත් ජාතික පක්‍ෂයත්, මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ විපක්‍ෂයත්, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ එක්සත් සන්ධානයත් මරණ දඬුවම යළි ක්‍රියාත්මක කරලීමට එකඟ නැති බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

එම නිසා මෙම ගැටළු පිළිබඳව මුලින්ම අමාත්‍ය මණ්ඩලය සමගත්, අනතුරුව ජනාධිපතිවරයා සහ කථානයකවරයා සමග සාකච්ඡා කිරීමට තමා බලාපොරොත්තු වෙන බව අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.