FAST NEWS

24×7 Around the Globe

කිරින්දේ දී රළ පහරට අසුව දිවි බේරා ගත් හසිනිත් මෙලොව හැර යයි

(ෆාස්ට් නිව්ස්|කොළඹ) – පසුගියදා කිරින්ද මුහුදු වෙරළ තිරයේදි සැඩ රළ පහරට හසු වි දිවි බේරාගෙන කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හසිනි විජේසුරිය මහත්මිය ඊයේ (29) රාත්‍රියේ ජිවිතක්ෂයට පත්ව තිබේ.

ඇය නුවරඑලිය නගරයේ පෞද්ගලික බැංකු ශාඛාවක විධායක නිලධාරිනියක් වශයෙන් සේවය කර ඇත.

එම බැංකු ශාඛාවේ  නිලධාරින් සමඟ හසිනි විජේසුරිය මහත්මිය පවුලේ සියළුදෙනා එක්ව යාල ප්‍රදේශයේ විනෝද චාරිකාවක නිරතව සිටියදි සැඩ රල පහරට හසුව අගේ සැමියා සහ දියණියන් දෙදෙනා ජිවිතක්ෂයට පත් වුනේ පසු ගිය 22වනදාය.

එම සැඩ පහරට හසු වු හසින් විජේසුරිය මහත්මිය අසාධ්‍යය තත්ත්වයේන් තිස්සමහරාම රෝහලේ සිට අම්පාර මුලික රෝහල වෙතත් ඉන් කොලඹ පෞද්ගලික රෝහලක් වෙතත් ඇතුලත් කර තිබුණේ ලෙසේ හෝ ඇගේ දිවි බේරා ගැනීම සඳහාය.

නමුත් ඇය ඊයේ රාත්‍රියේ ජීවිතක්‍ෂයට පත්ව ඇති අතර ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතින් පවසයි.