FAST NEWS

24×7 Around the Globe

දකුණු පළාතේ පාසැල් කාලය තවත් පැයකින් දීර්ඝ වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසු අතපසු වූ අධ්‍යාපන කටයුතු ආවරණය කිරීම සඳහා අමතර පන්ති පවත්වන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් පවසයි.

ඔහු එය පළාත් සභාව යටතේ පාලනය වන පාසල් වෙත චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබේ.

අදාළ චක්‍රලේඛයේ සදහන් වන්නේ අදාළ පාසල්වල විදුහල්පතිවරයාගේ අභිමතය පරිදි පස්වරු 2.30 දක්වා අදාළ අමතර ඉගැන්වීමේ කටයුතු සිදුකළ යුතු බවයි

එය අනිවාර්ය නොවන බව ද දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කළ අතර මෙම චක්‍රලේඛය දකුණු පළාත තුළ පිහිටි ජාතික පාසල් සඳහා අදාළ නොවන බව ද දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත්, මෙම චක්‍රලේඛය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් ගුරු සේවා සංගමයේ සභාපතිනී වසන්තා හඳපාන්ගොඩ හා ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් විරෝධය පළ කළ තිබේ.