(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දැනට අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රැගෙන ගොස් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මීගමුවේ, දළුපොත ඇළේ සඟවා තිබූ ටී – 56 වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ රහිත හිස් ටී – 56 මැගසින් එකක් සොයාගෙන තිබේ.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ මූලස්ථාන කදවුරේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (28) පස්වරුවේ සිදුකළ මෙහෙයුමකදියි.
පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ එම අවි සහ මාකඳුරේ මධුෂ් යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට පියවර ගත් බවයි.








