FAST NEWS

24×7 Around the Globe

දයාසිරි ජයසේකරට තේරිම් කාරක සභාවෙන් නැවත කැඳවීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරිම් කාරක සභාව ලබන 10 වන දා පස්වරු 2 ට යලි රැස්වීමට නියමිතයි.

එදිනට සාක්ෂි ලබාදීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට පැමිණෙන ලෙස යලි දැනුම් දීමක් කර ඇති බව කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි

දයාසිරි ජයසේකර මහතාව ඊයේ (28) දිනයේදී කැඳවා තිබුණත් ඔහු තේරිම් කාරක සභාව හමුවට පැමිණ තිබුණේ නැත.