FAST NEWS

24×7 Around the Globe

වී විකුණා ගත නොහැකිව රට පුරා ගොවියෝ වී මලු සමග මහ පාරේ.

වී මිල දී ගැනීම නිසි ලෙස සිදු නොවන බව පවසමින් ගොවීන් මේ වන විට ප්‍රදේශ කිහිපයකදී විරෝධතා ආරම්භ කර තිබේ.

අප වාර්තාකරුවන් පැවසුවේ, ඇතැම් ස්ථානවල මාර්ග අවහිරකරමින් විරෝධතා පැවැත්වෙන බව ය.

මේ වන විට අම්පාර – මහනුවර ප්‍රධාන මාර්ගයේ උහන, වෑරන්කැටගොඩ ප්‍රදේශයේ ගමනා ගමනයට බධා එල්ලවී ඇති බව අප වාර්තාකරු පැවසී ය.

අම්පාර මධ්‍යම කඳවුර ප්‍රදේශයේද මාර්ග අවහිරකරමින් ගොවි විරෝධතා පැවැත්වේ.

රාජාංගණය යාය – 7 ප්‍රදේශයේ ද මාර්ග අවහිර කරමින් ගොවීන් විරෝධතා ආරම්භ කර ඇත්තේ, වී මිලදී ගැනීම නිසි ලෙස සිදු නොවන බව පවසමිනි.