(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රිය රියදුරන්,පාලකවරුන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ පැය 24 ක වැඩවර්ජනය ඊයේ (28) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණ බවත් ඇණහිට තිබූ දුම්රිය ධාවන කටයුතු මේ වන විට යළි ආරම්භ වී තිබෙන බවත් වාර්තා වේ.
සුපුරුදු පරිදි අද (29) දිනයේ දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය මෙහෙයුම් නිළධාරින්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න පවසයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එමෙන්ම ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන්නේ ද යන්න පිළිබඳව සාකච්ඡා කර තීරණය කරන බවයි.








