(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ මේ වනවිට සාක්ෂි ලබාදෙමින් සිටියි.
පෙරේදා දිනයේදී ඔහු කොමිසම හමුවේ පෙනී සිටියත් එහි නියෝජිතයින් තිදෙනෙකු නොමැතිවීම, ප්‍රශ්න කිරීමට කාලය අවශ්‍යවීම සහ වැදගත් රැස්වීමක් යෙදී තිබීම හේතුවෙන් අද පස්වරු 2.00 ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.








