(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2018 හා 2019 වර්ෂය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ගොනු කිරීම ලබන 30 වනදායින් අවසන් වන බවත් , එබැවින් වත්කම් බැරකම් ජන සතු කිරීමට මෙම කාල සීමාව යොදාගන්නා ලෙසටත් සියලු පාර්ලිමේන්තු මහජන නියෝජිතයන්ගෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඉල්ලා සිටියි.
මේ වන තෙක් අදාල වත්කම් බැරකම් ප්‍රකාශයට පත්කර ඇත්තේ එරාන් වික්‍රමරත්න, රංජන් රාමනායක , විදුර වික්‍රමනායක , වාසුදේව නානායක්කාර , එම්. ඒ. සුමන්දිරන් , අලි සහීර් මවුලානා හා තාරක බාලසූරිය යන පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 07 දෙනා පමණක් බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සදහන් කරයි.








