FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක කිහිපයක් අද උණුසුම් වෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද (28) දිනයේ දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මෙම දැඩි උණුසුම් කාලගුණය ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එම ප්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටින ලෙසත් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථාවල විවේක ගැනීම මෙන්ම සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.