(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිසියට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ නිධන් හෑරීමේ නිරතවූ කාන්තාවක් ඇතුලු 14 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී නිධන් සෙවීමට යොදා ගන්නා ස්කෑනර් යන්ත්‍රයක් ඇතුලු උපකරණ රැසක් සහ සැකකරුවන් පැමිණි මෝටර් රථ 03 ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් දඹුල්ල ගලේවෙල මාතර මඩකලපුව සහ යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.
ඔවුන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.








