(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා කෙටි සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.
දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා සමග විසි දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක්ද පැමිණි ඇති බව වාර්තා වෙයි.
ජී විස්ස සමුළුව සඳහා සහභාගිවීමට ජපානයේ ඔසාකා වෙත යන අතරතුර ඔහු කටුනායක ගුවන් තොටුපලට පැමිණි ඇති අතර ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දකුණු අප්‍රිකානු ජනාධීපතිවරයා පිළිගැනීම සඳහා ගුවන්තොටුපල වෙත පැමිණ තිබේ.
එහිදි ඔවුන් සුහද පිළිසඳරක නිරතව ඇත.








