(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව නව නිර්ණායක සහ රේගුලාසි 2020 ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ලෝක ආහාර සුරක්ෂිතතා දින ජාතික උත්සවය අමතමින් පැවසිය.
ආහාර පනත යටතේ නව රෙගුලාසි හඳුන්වා දීමට නියමිත ඇති බව හෙතෙම පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
“එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සමුළුව මඟින් 2018 වසරේ දෙසැම්බර් මාසයේදි ප්‍රථම වරට ලෝක අහාර සුරක්ෂිතතා දිනය ප්‍රකාශයට පත්කළා .සෑම වසරකම ජුලි 7වනදා එය පැවැත්වෙනවා. අහාර සුරක්ෂිතතාව – සෑම දෙනාගේම යුතුකම යන්න මෙවර තේමාවයි. ගුණාත්මක ආහාර වේලාවක් තිරසර ජිවිතයක් සහ යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වෙනවා.අනාරක්ෂිත හෝ දුෂිත ආහාර සෞඛයට දැඩි හානිකර අතර,රෝග රෝග වර්ධනය කිරිමටද හේතු වෙනවා.ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ පිළිබඳව විවිධ ගණනය කිරිම් සිදු කර තිබෙනවා. දුෂිත ආහාර හේතුවෙන් හට ගන්නා විවිධ රෝගාබාධාවලට වාර්ෂිකව ලෝලීය වශයෙන් පුද්ගලයින් මිලියන ගණනාවක් ගොදුරු වෙනවා. වයස අවු.5ට අඩු දරුවන් එලෙස විවිධ රෝගාබාධාවලට ගොදුරුවන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. ආහාර ආශ්රිත රෝග වලින් වසරකදි මියයන සංඛ්‍යාව එක්ලක්ෂවිසිපන්දහස ඉක්මවනවා.
ශ්‍රි ලංකාව දෙස බැලිමේදි ආහාර සුරක්ෂිතතාව විශාල අභියෝගයක්.ගොවිපල මට්ටමේ සිට ආහාර සුරක්ෂිතතාව ක්‍රියාත්මක කළ යුතුයි.මෙහිදි කෘෂිරසායන ,කෘමිනාශක ,විවිධ හෝමෝන අවභාවිතය කිරීම සෞඛයට හානිකර වෙනවා. ශ්‍රී ලංකාව ශක්තිමත් පදනමක් සහිත රටක්.එම නිසා යහපත් කෘෂිකාර්මික හා සත්ත්ව පාලන කර්මාන්තයක් පවත්වාගෙන යා යුතුයි”.








