FAST NEWS

24×7 Around the Globe

හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඇප මත මුදාහැරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය තොරතුරු වසන් කිරීමට හිටපු හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට අධි චෝදනා භාරදී ඇප මත මුදා හැර තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ මෙම අධිචෝදනා බාරදෙනු ලැබීය.
විත්තිකාර අනුර සේනානායක මහතා රුපියල් ලක්ෂ 20 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද අධිකරණය නියම කළේය.

එමෙන්ම විත්තිකාර අනුර සේනානායක මහතා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ තැන්පත් කර ඇති රුපියල් ලක්ෂ 10 ක මුදල් ඇපය මහාධිකරණයේ ඇපයක් වශයෙන් භාර ගැනීමට ද විනිසුරුවරයා අවසර දුන්නේය.

විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවත් අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කරන බවත් විනිසුරුවරයා තවත් කොන්දේසියක් පනවනු ලැබුවේය.