(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (27) පෙරවරුවේ පැලම්පිටියේ සිට යටියන්තොට බලා ධාවනය වූ බස් රථයක් ජයවින්දාගම , අටේ කණුව ප්‍රදේශයේදී පෙරළී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 28 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් කරවනැල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර ජීවිත හානි මෙතෙක් වාර්තා වී නොමැත.
අනතුරට හේතුව මෙතෙක් හෙළිවී නොමැති අතර යටියන්තොට පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.








