(ෆාස්ට් නිව්ස් – කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයට ඊයේ (26) දිනයේදී පැමිණිලි 10 ක් ඉදිරිපත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
අදාල පැමිණිලි 10 ඉදිරිපත් කළ පුද්ගලයින් අතර දෙමළ ජාතිකයින් 08 දෙනෙකු සහ සිංහල ජාතිකයින් දෙදෙනෙකු සිටින බවත් පැවසේ.
ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය නම් නීති සමාගමක් සමග එක්ව මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
2005 – 2015 අතර කාලයේ ආරක්ෂක ලේකම්වරයාව සිටියදී සිදු වූ බව කියන සිදුවිම් කිහිපයක් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි පැමිණිලි ඉදිරිපත් වී ඇති බව කියැවේ.
ෙ
පසුගිය අප්‍රේල් මාසයේදීද ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පුද්ගලයින් තිදෙනෙකු විසින් අමෙරිකානු අධිකරණයක් හමුවේ පැමිණිලි ගොණු කර තිබුණි.








