FAST NEWS

24×7 Around the Globe

රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (26) දින වත්තල – ඔලියමුල්ල ප්‍රදේශයේ සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මාර්ගයේ නවතා තිබූ පොලිස් ජීප් රථයක දකුණු පස දොරටුව විවෘත කරනවාත් සමඟ පිටුපසින් පැමිණි පාපැදිකරුවෙකු ජීප් රථයේ දොරේ වැදී කොළඹ දෙසට ගමන් කරමින් තිබූ කැබ් රථයකට යටවී මියගොස් තිබේ.

මෙම අනතුරින් පසුව පොලිස් ජීප් රථයේ සිටි පොලිස් සැරයන්වරයෙකු , පොලිස් කොස්තාපල්වරයෙකු සහ කැබ් රථයේ රියැදුරුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.