(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඉදිරියේදි පැවැත්විමට නියමීත ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරිමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව, පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
ඊයේ (27) රාත්‍රියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වු මධ්‍යම කාරක සභාවේදි ඉදිරිපත් වු ඊට අදාළ යෝජනාව ඒකමතිකව සම්මත වු බව හෙතෙම පැවසීය.
වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් සහ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබදවද නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදි දීර්ඝව සාකච්ඡාවට ලක්වු බව හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.








