කංජිපානි ඉම්රාන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට

කංජිපානි ඉම්රාන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් තවත් දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයාගේ අවසර ලබාගැනීමට බලාපොරොත්තු වන බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (26) අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා හමුවට ඉදිිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.

කංජිපානි ඉම්රාන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ලබාදුන් දින 90 ක කාලය අදින් අවසන් වන අතර, ඒ අනුව තවත් දින 90 ක් ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපේක්ෂා කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශ කරයි.

මොහුට විරුද්ධව මිනීමැරීම, මිනි මැරීමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම පිළිබඳව විවිධ අධිකරණවල නඩු 27 ක් පමණ පවතින බවත් පොලිසිය පවසයි.

CATEGORIES