(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ විශේෂ තේරීම්කාරක සභාවේ අවසන් වාර්තාව ලබන මස දී සකස් කර අවසන් කරන බව එහි සමාජික මන්ත්රීවරයෙකු සදහන් කළේය.
එය කථානායකවරයා වෙත භාරදීමෙන් පසු ඉදිරි පියවර පිළිබඳ තීරණය ගැනීමට නියමිත බවත් වාර්තා වෙයි.
මෙම තේරීම්කාරක සභාව අද (26) පස්වරු 2.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී යළි රැස්වෙයි.








