FAST NEWS

24×7 Around the Globe

ඒකීය රටක් තුල සිටිමින් දෙමල ජනතාවගේ ප්‍රශ්ණ වලට විසදුම් ලබා දෙනවා – විපක්ෂ නායක

ඒකීය රටක් තුල සිටිමින් දෙමල ජනතාවගේ ප්‍රශ්ණ වලට විසදුම් ලබාදීමට තම පක්ෂය තව දුරටත් කැපවී සිටින බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් පැවසීය.

විපක්ෂ නායක ධූරයෙන් පිදුම් ලැබීම නිමිත්තෙන් ත්‍රිකුණාමල නගර ශාලාවේ ඊයේ (07) පැවති උපහාර උත්සවයකදි සම්බන්ධන් මේ බව සදහන් කර ඇත.

දෙමල ජාතික සන්ධානයේ ඊ.පි.ආර්.එල්.එෆ් සංවිධානය හැර සෙසු කොටස්කාර පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් මෙම පිළිගැනීමේ හා උපහාර දැක්විමේ උත්සවය පැවැත්වුණි.

මෙහිදි තවදුරටත් අදහස් දැක්වු විපක්ෂ නායක ආර්.සම්බන්ධන්.

බලය බෙදිම හා දෙමල ජනතාවගේ ගැටලුවලට විසදුම් සෙවිම සම්බන්ධයෙන් අපේ ඉල්ලිම් රජයට ඉදිරිපත් කරලා තියෙනවා.

ඒ ගැටලුවලට විසදුමක් සෙවිමේ ක්‍රියාවලියේ අපි නිරත වී සිටිනවා.

නොබෙදුනු ශ්‍රී ලංකාවක් තුල අපේ ජනතාවගේ ගැටලුවට විසදුම් අවශ්‍යයයි.

අපේ ජනතාව වගේම මුස්ලිම් ජනතාවටත් ගැටලු තියෙනවා.

විපක්ෂ නායක විදිහට ඒ අයගේ ගැටලුවලට විසදුම් සෙවිමට අපි උදව් කරන්න සුදානම්.

ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක ඒකාබද්ධවි ආණ්ඩුවක් පිහිටෙව්වේ නැතිනම් අද අපට විපක්ෂ නායක දූරටයක් හම්බවෙන්නේ නැහැ.

අවුරුදු 38කට පසුවයි අපිට මේ ධුරය ලැබුණේ.

මට මතකයි 1977 විපක්ෂ නායක ධුරය අමිර්තලිංගම් මහතාට ලැබුණු දවස.

එදා මම එතුමාගේ පිටුපස අසුනේ අසුන්ගෙන සිටියා යැයි කිය.

මෙම අවස්ථාවට ආගමික වතාවත් කිරිමට නැගෙනහිර තමන්කඩුව දෙපලාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මිහිදුපුර මහින්ද වංශ හිමියන් සහභාගී වීම විශේෂත්වයක්.

ටෙලෝ නායකසෙල්වම් අඩෙයිකලනාදන්, ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා, ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මහත්වරුද දෙමල සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුද මෙම අවස්ථාවට සහභාගි වුහ.