(ෆාස්ට් නිව්ස් – කොළඹ) – විනිශ්චකරුවන් අන්තගාමී සංවිධානවල සාමාජිකයින් වී ඇතැයි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය අද (26) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබේ.
එම ප්‍රකාශය තුලින් ආගම් සහ ජාතීන් අතර වෛරී සහගත ප්‍රකාශයක් සිදුව ඇතැයි කියමින් නීතීඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා විසින් කළ පැමිණිල්ලක් අනුව මෙම පරීක්ෂණය සිදු කෙරෙයි.
ඒ අනුව ඉකුත් මැයි මස 04 වැනිදා කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වූ ප්රවෘත්ති වාර්තාවලට අදාළව සංස්කරණය කළ හා නොකළ විඩීයෝ පට එම කොට්ඨාසය වෙත ලබා දීමට අධිකරණයෙන් අදාළ විද්‍යුත් මාධ්‍ය ආයතන දෙකකට අධිකරණ නියෝගයක්ද නිකුත් කළ බව අප අධිකරණ වාර්තාකරු කියයි.








